කෙරෝනා වෛරසයෙන් 132ක් මියයයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය නිසා මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 132ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදනය වූ නව රෝගීන් සංඛ්‍යාව 6000කට ආසන්න බව වාර්තා වේ.

දැනට මියගිය පුද්ගලයන්ගෙන් කිසිඳු මරණයක් චීනයෙන් පිට වාර්තාවී නොමැති අරත වෛරසය ආසාදනය වූ රටවල් අතුරින් අවම වශයෙන් රෝගීන් 47ක් තහවුරුවී තිබේ. වෛරසයට අවශ්‍ය ප්‍රතිකාර සොයා ගැනීම සඳහා චීන විද්‍යාඥයින් විසින් වෛරසය ප්‍රති නිර්මාණය කර එහි ජානමය අනුක්‍රමය වෙනස් කිරීමට උත්සහ දරමින් සිටියි.

නමුත් චීන විද්‍යාඥයින් ප්‍රති නිර්මාණ්‍ය කළ වෛරසයට වඩා සාර්ථක වෛරසයක් ප්‍රති නිර්මාණ්‍ය කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබේ. මේ නිසා චීනයෙන් පිටත නව කොරෝනා වෛරසය ප්‍රති නිර්මාණය කළ ප්‍රථමයා බවට ඔස්ටේලියාව පත් වෙයි.

මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනු ඇති අතර එය වෛරසය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට ගන්නා උත්සාහයන්ට උපකාරීවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *