වැට් සහනය භාණ්ඩ 5555 කට

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් ආණ්ඩුව ලබාදුන් වැට් බදු සහනය පාර්භෝගික භාණ්ඩ 5555 කට මේ වන විට හිමිව ඇත.

මෙරට පිහිටා ඇති ආයතන 50 ක් ඔවුන් ලබාදෙන සහන පිළිබඳව පාරිභෝගික අධිකාරියට දන්වා ඇති බවත් යම් එහෙකින් කවුරුන් හෝ එම සහන ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේව්ර්ධන මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එම සමාගම් ලිඛිතව ඒ පිළිබඳව දන්වා ඇති බව පැවැසු ඒ මහතා යම් විදියකින් එම ආයතන අසත්‍යයක් කියා ඇත්නම් හෝ ව්‍යාපාරිකයන් ඊට අනුගත නොවී කටයුතු නොකරන්නේ නම් වහාම වැටලීම් කැර එහි සහනය ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බව පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *