කෘෂිකර්මාන්තය වෙනුවෙන්‘‘ගොවිපොල’’ App එකක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමේ වැඩසටහන (TAMAP) විසින් කෘෂිකර්මාන්තය සඳහා වෙළඳපොළක් සහ වෙළඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස දියුණු කරන ලද ‘‘ගොවිපොල’’ App පහසුකම දියත් කරයි.

‘‘ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමේ වැඩසටහන’’ (TAMAP) යුරෝපා සංගමයේ ප‍්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන සමාගම විසින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. ශ‍්‍රී ලංකා රජයට තිරසාර හා ඵලදායි කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා සහාය ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරනු ලැබේ.

කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණය කිරීමේ රාජ්‍ය උපාය මාර්ගයට අනුකූලව කෘෂිකර්මාන්තය සඳහා ඩිජිටල් වෙළඳ පොලක් නිර්මාණය කිරීමට TAMAP සහය ලබා දී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2020 ජනවාරි 28 වනදින, කොළඹ Mövenpick හෝටලයේ පැවති ”Improved Market Information System for Agriculture in Sri Lanka” වැඩමුළුවේදී, කෘෂිකාර්මික වෙළඳ පොළක් සහ වෙළඳ පොළ තොරතුරු පද්ධතියක් ලෙස සංවර්ධනය කෙරුණු ‘‘ගොවිපොල” App එළිදක්වන ලදී.

ශ‍්‍රී ලාංකික සමාගමක් වන Croptronixවිසින් ඩිජිටල් ‘‘ගොවිපොල” ආරම්භ කෙරුණේ අන්තර්ජාලය හරහා අවශ්‍යතා සපුරන්නෙකු වශයෙනි. එහිදී පුවත්පත් දැන්වීම් ස්වරුපයෙන්් ලියන ලද තොරතුරු පදනම් කරගනිමින් ගනුදෙනු සිදු කෙරිණි. අද වන විට දීපව්‍යාප්තව බාගතකර ගැනීම් ප‍්‍රමාණය 15,000 ඉක්මවයි. මෙම ඩිජිටල් යෙදවුම මගින් තත්කාලීන වෙළඳ පොළ දත්ත පදනම් කර ගනිමින් භාණ්ඩ අලෙවි කිරීමට ගොවීන්ට සහාය ලබා දෙයි. එසේම සෙවුම් පෙරහන් (search filter), දැනුම් දීම් (notification) වැනි වැඩි දියුණු කළ පහසුකම් මගින් භාණ්ඩ මිලදී ගන්නන්ට භාණ්ඩ සොයා ගැනීමේ ක‍්‍රියාවලිය කඩිනමින් සිදු කර ගැනීමට උපකාර කෙරෙයි.

මෙම ඩිජිටල් යෙදවුමෙහි අඛණ්ඩව සිදු කෙරුණු වැඩි දියුණු කිරීම් වල ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානයට ගැලපෙන ප‍්‍රභල බලගැන්වීමක් ලබා දෙන අතර සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන්ට පහසුවෙන් සම්බන්ධ වීමට ඉඩ සලසයි. මේ හරහා සිය හවුල්කරුවා සමග අන්‍යෝන්‍ය වශයෙන් ක‍්‍රියා කිරීමේදී ඩිජිටල් යෙදවුමෙහි ඇති ඇමතුම්-ක‍්‍රියාකාරී බොත්තම භාවිතයෙන් සෘජු දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීමේ අවස්ථාව ඇත. යෙදවුමෙහි ඇති මෙම සරල ක‍්‍රමවේද මගින් ගොවින්ට සෘජුවම අපනයනකරුවෙකු, වෙළෙන්දෙකු හෝ පාරිභෝගිකයෙකු සමඟ සම්බන්ධ විය හැක.

‘‘ගොවිපොල’’App පරිශීලකයාට පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර ත්‍රෛභාෂා සහාය, ක්ෂණික පණිවිඩ පද්ධතිය භාවිතා කරන්නන්ට විශාල පහසුවක් ගෙන දෙයි. දීර්ඝ වශයෙන් මුළු වෙළඳ පොළම පිරික්සීමකින් තොරව, පරිශීලකයාට ඇණවුම් සංසන්දනය කිරීමේ විශේෂාංගය මගින් ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතාවයට සෘජුව ගැලපෙන භාණ්ඩ ලැයිස්තුවක් ලබා ගත හැක. මෙලෙස ගැලපෙන සෑම ඇණවුමක්මකම පාර්ශවයන් එකඟ වූ කොන්දේසිවලට අනුකූලව සෘජුවම ගනුදෙනු සිදු කිරීම සඳහා මාර්ගයක් විවෘත කර දෙයි.

මෙම අවස්ථාවට සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ සහයෝගීතා අංශ ප‍්‍රධානී ෆ‍්‍රෑන්ක් හෙස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ‘‘ලොව පුරා ඇති කෘෂිකාර්මික වෙළෙඳ පොළවල් අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීමට උනන්දුවක් ඇතිව තිබෙන මෙවන් යුගයක, මෙම ‘‘ගොවිපොල’’ යෙදුම ශ‍්‍රී ලංකාවේ ගොවීන්ට හඳුන්වා දීම තුළින් ඔවුනට වෙළඳ පොළ සමඟ සෘජුව සම්බන්ධ වී තම ගනුදෙනු හොඳින් කරගෙන යාමට ඉතා හොඳ අවස්ථාවක් උදාකර දී ඇති බවයි.’’ එමෙන්ම, එතුමා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේ ‘‘මෙම යෙදුම හරහා තම භාණ්ඩ අනාගත ගැණුම්කරුවන්ට සෘජුවම අලෙවිකිරීම සදහා අපගේ ගොවි ජනතාවටද හොඳ අවස්ථාවක් ලැබෙන නිසාත්, නිරන්තරයෙන් අලූත්වන වෙළ`ද පොළ තොරතුරු ඉක්මණින් ලබා ගැනීමට තිබෙන පහසුකම නිසාත් ශ‍්‍රී ලංකාව බලාපොරොත්තුවන කෘෂිකාර්මික සංවර්ධන ඉලක්ක ළගාකර ගැනීමට ද මෙමඟින් මනා පිටිවහලක් ලබා ගත හැකි බවයි.’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *