කොරෝනා මැඩලීමේ සැලසුම් චීන ජනපති හෙළිකරයි

(කොළඹ, ලංකාපුවත්) –චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(28) චීනයේ අගනුවර වන බීජිං හිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් හමුවී තිබේ.

චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ චීන ජනතාව දැන් වසංගතයට එරෙහිව ඉතා බරපතල සටනක යෙදී සිටින අතර, ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සෑම විටම පළමු තැනට පත්වන බවත්, එම නිසා කොරෝනා වෛරසය පාලනය කිරීම මේ වන විට රටේ වැදගත්ම කාර්යක් බවත්ය.

CCTV පුවත් සේවය වාර්තා කළේ ගෝලීය මහජන සෞඛ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැදගත් කාර්යභාරය ජනාධිපතිවරයා අගය කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගීතාවය චීනය විශාල වැදගත්කමක් දරන බවත් පැවසු බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මේ වසංගතය යක්ෂයෙක්.” බවයි.

කොරෝනා වෛරසයට එරෙහි සටන කෙසේ හෝ ජය ගන්නා බව චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *