ජනාධිපතිවරණයට අදාලව EU අවසන් වාර්තාව කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය නොවැම්බර් මස 16වනදා පැවැති 2019 ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමය සකස් කල අවසන් නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබේ.

ඒ යුරෝපා සංගම් නියෝජිතයන් සහ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර ඊයේ (28) පැවැත්වූ සාකච්ඡාවේදීය.

නිර්දේශ 23 ක් ඇතුළත් සිය වාර්තාව කොමිෂන් සභාවේ සභාපතිවරයාට භාරදීමට යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් එහිදී කටයුතු කර තිබුණි. ඉදිරි මැතිවරණයේදී අඩුපාඩු වළක්වා ගැනීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කල බව සඳහන් වේ. එසේම අනාගත මැතිවරණවල වැඩිදියුණු කළ යුතු අංශ පිළිබඳවද එහි දක්වා තිබේ.

මීට අමතරව මෙරට මැතිවරණ කොමිෂන් සභාවේ ධාරිතාව හා ක්‍රියා පටිපාටිය ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීම, ජනාධිපතිවරණ පනත සංශෝධනය කිරීම සහ අවම මට්ටමක පවතින කාන්තා නියෝජනයට පිළියම් යෙදීම ද ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *