‘මාස්ක්’ පාලනය කරන්න රජයේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – නව කොරෝනා වෛරස් රෝගය පැතිර යාම පිළිබඳව මතුව ඇති බියත් සමග මුව ආවරණවලට අධික ඉල්ලූමක් මතුවීම නිසා වෙළෙඳුන් ඒවායේ මිල ගණන් ඉහළ දැමීම වැළැක්වීමට මුව ආවරණ සඳහා මිල පාලනයක් ඇති කිරීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත මිල පාලනයක් ඇති කිරීම සඳහා අවධානය යොමු කරන බවයි.

දැනට මෙම මුව ආවරණ වැඩි ප‍්‍රමාණයක් ගෙන්වන්නේ චීනයෙන් බවත් චීනයේ මතුව ඇති නව කොරෝනා වෛරස් රෝග වසංගතය නිසා වෙනත් රටවලින් මුව ආවරණ ආනයනය කිරීමට හා ශී‍්‍ර ලංකාවේ මෙම මුව ආවරණ නිපදවීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *