අගමැති හා චීන තානාපති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සිටින චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) පස්වරුවේ මුණගැසී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි.

නව කොරෝනා වෛරසය පාලනයට චීන රජයට කල හැකි සෑම උත්සාහයක්ම දරන බව තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අදාළ ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යෙදවීමට රටවල් දෙකම කටයුතු කෙරෙමින් පවතින බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + 8 =