ඕස්ට්‍රේලියා රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවේ දකුණු කැන්බරා ප්‍රදේශයේ පැතිර යන දැවැන්ත ලැව් ගිනි හේතුවෙන් එරට රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

කැන්බරා නගරයට දකුණින් පිහිටි මෙම ප්‍රදේශයේ හටගත් ගින්න හේතුවෙන් හෙක්ටයාර 18500ක භූමි ප්‍රමාණයක් දැවෙමින් පවතින බව ඕස්ට්‍රේලියා වාර්තා සදහන් කරයි. එම ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

සිඩ්නි සහ මෙල්බන් නගර පිහිටා ඇති මෙම කුඩා භූමියේ පදිංචිකරුවන් ලක්ෂ හතරක් පමණ සිටි. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 11කට අධික ප්‍රමාණයක් විනාශ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *