කෘෂිකර්ම අමාත්‍යංශය සුපුරුදු ගොවිජන මන්දිරයට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් කෝටි 144ක මුදලක් වසර පහක බදු කාලයක් සඳහා ලබා දෙමින් රාජගිරිය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය ,යළිත් අද(31) බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි සුපුරුදු ගොවිජන මන්දිරය වෙත පිවිසුණි.

ආගමික වතාවත්වලින් පසුව මේ වෙනුවෙන් වූ චාම් උත්සවයක් මහවැලි,කෘෂිකර්ම ,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ ,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එහිදී පැවැත්විණි.

පසුගිය වසර 04 ඇතුලත කෘෂීකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය මෙම පෞද්ගලික ගොඩනැගිල්ල සඳහා බදු ගිවිසුම අනුව,මාසික කුලිය ලෙස රුපියල්ලක්ෂ 240 ක මුදලක් වැය කරන ලදි.මෙම රුපියල් ලක්ෂ 240 ක මාසික කුලී මුදලින්රුපියල් ලක්ෂ 170 ක මුදලක් ගොඩනැගිල්ල සඳහා වන අතර ආරක්ෂක සේවා ,සනීපාරක්ෂක සේවා සහ වැට් බද්ද වෙනුවෙන්ඉතිරි රුපියල්ලක්ෂ 70ක මුදල වැයවී තිබිණි.

වසර 2021 අප්‍රේල් වන තෙක් පවතින මෙම බදු කාලයට හිලව්වීම සඳහා වෙනත් ස්ථානවල කුලී පදනම මත පවත්වාගෙන ගිය,දැනට බදු කාලය අවසන් වූ රජයේආයතන කිහිපයක් මේ ගොඩනැගිල්ලට ගෙන ඒමට නියමිතය.

සිදුවී ඇති මුදල් නාස්තිය සහ අක්‍රමිකතාවන්ට තිත තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පසුගිය දෙසැම්බර් මස 18 දා කැබිනට් පත්‍රිකාවක් මගින් කාෂිකර්ම අමාත්‍යංශය යළීත් ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු යොදන ලදි. .කැබිනට් අනුමැතිය අනුව ජනවාරි පළමුවැනිදා සිට මෙම අමාත්‍යංශය පැරණි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමේ කටයුතු ඇරැඹීණී. පාර්ලිමේන්තුවේ ආංශිකකමිටු රැස්වීමි පැවැත්වීම් සඳහා යැයි කියමින් මෙමම ගොඩනැගිල්ල පසුගිය රජය සමයේ පාර්ලිමේන්තුවට පවරා ගත්තද එහි කිසිඳු රැස්වීමක් පවත්වා නොමැත.

රාජගිරිය පෞද්ගලික ගොඩනැගිල්ලේ මෙතෙක් පවත්වාගෙන ගිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කටයුතු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය සතියේ ගොවිජන මන්දිරයට ගෙන ගිය අතර එයට පෙර වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ගොවිජන මන්දිරයේදී සිය අමාත්‍යංශ කටයුතු ආරම්භ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *