අජිත්-ෆොන්සේකා, බාකිර් මාකර්-රෝසී එජාප කෘත්‍යාධිකාරියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සමාජිකයන් වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පි. පෙරේරා, කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බොරැල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු ජනමාධ්‍ය අමාත්‍ය නීතිඥ ඉමිටියාස් බාකිර් මාකර් යන මහත්වරුන් සමඟ කොළඹ මහ නගර සභාවේ පුරපති රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කර ඇත.

පක්ෂය හා නායකත්වය විවේචනය කිරීම හේතුවෙන් මොවුන් පෙරේදා (29) කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර පිටකොට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගෙන් කළ විමසීමක දී මේ ඉවත් කිරීම පිළිබඳ තමා කිසිවක් නො දන්නා බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *