ගුවන්තොටුපල හරහා කොරෝනා රටතුළට ඇතුළු වීම වැළැක්වීමට පියවර රැසක්

(කොළඹ, ලංකාපුවත්) – තර්ජනාත්මක ලෙස ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමකට ලක්ව ඇති කොරෝනා වෛරසය ගුවන් මගීන් අනුසාරයෙක් ශ්‍රී ලංකාව තුළට ගුවන්තොටුපල හරහා ඇතුළු වීම හා පැතිරීම වැළැක්වීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන සමග සම්බන්ධීකරණයෙන් සහ සිවිල් ගුවන් සේවාවට සම්බන්ධ සියලු පාර්ශව සමඟ ඒකරාශී වෙමින් මේ වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

එය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සිවිල් ගුවන් සේවාව හා සබැදි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා විශේෂ සාකච්ඡාවක් සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී පැවැත්වුණි. ඒ හම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

චීනය සහ දැනට කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වී ඇති ගමනාන්තවල සිට කොළම බලා දේශීය හා විදේශීය ගුවන් සේවා ඔස්සේ මෙරටට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙමින් විමසිලිමත්ව කටයුතු කිරීම එම සාකච්ඡාවේ දී වැඩි අවදානයට යොමු විය. එසේම යම් හෙයකින් කොරෝනා වෛරසය ආසාදිත ගුවන් මගියෙකු ගුවන්තොටුපලේ දී හදුනාගතහොත් එහිදී ගත යුතු පියවර, ගුවන් මගීන් පිටත් කිරීමට හා රැගෙනයාම සදහා ගුවන්තොටුපල වෙත පැමිණෙන අමුත්තන් හට මගී පර්යන්ත වෙත ඇතුළු වීම සීමා කිරීම වැනි කරුණු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික, ව්‍යාපාරික, අධ්‍යාපනික හෝ සංචාරක කටයුතු වැනි කාරනාවෙනුවෙන් මේවන විට චීකයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන්සේවය සිය ගුවන්යානා ඔස්සේ මෙරටට පැමිණෙන ගුවන් මගීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද වෛරසය පිළිබඳ වාර්තා වූ අවස්ථාවේ සිටම ආරම්භ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *