චීනයට සංචාරය කිරීම අමෙරිකාව තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) චීනයට සංචාරය කිරීම අමෙරිකාව තහනම් කරයි. කොරෝනා වෛරසයේ බලපෑමෙන් චීනයේ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම නියෝගය දී ඇත.

ඒ පිළිබඳ දැඩි අනතුරු ඇගවීමක් ද අමෙරිකාව නිකුත් කර තිබේ.

මේ අතර කොරෝනා වෛරසය ආසදනය විමෙන් චීනයේ පුද්ගලයින් 213 දෙනෙකු මේ වනවිට මරණයට පත් වී ඇත. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව නවදහස් හයසියයකි.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ කලාපිය සහ ගෝලිය මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *