විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් වුහාන් බලා පිටත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ වූහාන්හි රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එම නගරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද(31) සවස්වරුවේ පිටත්ව ගොස් ඇත.

UL 1422 දරණ එම ගුවන් යානය කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා සිට වුහාන් නගරය වසා දැමීමට චීන බලධාරීන් පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *