ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම චීන රජයේ කඩිනම් අවදානයට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකීක සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආපසු ගෙන්වා ගැනිමට විශේෂ ගුවන් යානයක් යැවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම චීන රජය මේ වන විට සලකා බලමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

බීජිං හී පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එම ශ්‍රි ලාංකීකයන් පිළිබඳව නිරතුරු සොයා බලනු ලැබේ.

දැනට චීනයේ රැදී සිටිනේ ශ්‍රි ලාංකීකයන් 284 දෙනෙකු පමණි. එහි සිටි 580 දෙනෙකු මේ වන විට ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇතැයි ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *