‘ගමට ගෙයක්, රටට හෙටක්‘ ජාතික නිවාස වැඩසටහන යටතේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස වැඩසටහනත් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ‘ගමට ගෙයක්, රටට හෙටක්‘ යන සංකල්පය මුල් කරගෙන රටපුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහන යටතේ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ තිඹිරිගස්යාය ග්‍රම සේවා වසමේ දිළිදු පවුලක් සදහා නිවසක් ඉදිකර දීමේ කටයුතු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ ප්‍රධාන්තවයෙන් පසුගියදා(01) ආරම්භ කරනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,022 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

දින 60 ක් තුළ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බවත්, ලංකාවටම ආදර්ශයක් වෙමින් මෙම නිවසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කර නිවාස ලාභියාගේ නිවාස සිහිනය සැබෑ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී පැවසීය.

ලංකාව පුරා සිටින දිළිදු පවුල් වල නිවාස අවශ්‍යතාවය කඩිනමින් සපුරාලීම සදහා මෙම වැඩසටහන වඩාත් ප්‍රායෝගික වැඩසටහනක් බවත් ග්‍රාම සේවා වසම් 14,022 ක තුළ නිවාස 14,022 ක් ඉදිකිරීමෙන් පසු දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කරනු ඇති බව අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නිවස ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ජී.රාධිකා, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 6 =