පූජිත් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනපති මෛත්‍රී නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්ද මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03)අවසර ලබා දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසටයි පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල්තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *