කොරෝනා වෛරසය නිසා මිය ගිය ගණන 361ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 361 දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදිත පුද්ගලයින් 17,000කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ හුෂෙන්ෂාන් හි ඉදිකළ නව රෝහල අද(03) සිට ජනතාවට විවෘතව පවති. ඇඳන් දහසකින් සමන්විත එම රෝහල දින 08ක් තුළ ඉදිකිරීම විශේෂත්වයකි.

කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටත මියගිය පළමු පුද්ගලයා ඊයේ (02) වාර්තා විය. ඒ පිලිපීනයෙනි. 44 හැවිරිදි ඔහු චීන ජාතිකයෙක් වන අතර, ඔහු පිලිපීනයට පැමිණීමට පෙර වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනූව, චීනයෙන් පිටත මේ වන විට රෝගීන් 150කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇත.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අද නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ මේ වන වෛරස් ආසාදිතයන් බවට සැකකරන පුද්ගලයින් 21,558 දෙනෙක් ද, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින් එක්ලක්ෂ පනස් දෙදහස් හත්සිය දෙනෙක් ද සිටින බවයි.

එසේම, ප්‍රතිකාරවලින් සුවලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස් 475 දෙනෙකු ලෙස අදාළ සංඛ්‍යාලේඛනවල වැඩිදුරටත් සඳහන්වේ.

ලොව කිසිඳු රටක් මෙතෙක් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට නිශ්චිත ප්‍රතිකර්මයක් සොයා ගැනීමට සමත් වී නැති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *