අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව ගැන වාර්තාව මේ සතියේ

(කොළඹ, ලංකාපුවත්) – අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් අධ්‍යයනයක් සිදු කර ඇත. එම අධ්‍යයනයේ වාර්තාව මේ සතියේ ප්‍රවාහණ කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා බාර දීමට නියමිතය.

පසුගිය සෙනසුරාදා නුවරඑළිය සිට කොළඹ දක්වා ගමන් කළ සාමාන්‍ය බස් රථයක් එහි ගමන් කළ මගීන්ගෙන් අර්ධ සුඛෝපභෝගී යැයි පවසමින් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධව තමන්ට වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට වහාම ලබා දෙන ලෙස ප්‍රවාහණ කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

මෙම බස් රථය සාමාන්‍ය බස් රථයක් වන අතර ඊට නුවරඑලිය සිට කොළඹ දක්වා ගමනාගමන කටයුතු සඳහා සතියකට තාවකාලික බලපත්‍රයක් ලබා දි තිබේ. එහෙත් ඔවුන් විසින් මගින් රැවටීමට ලක් කර ඔවුන්ගෙන් අර්ධ සුඛෝපභෝගි බස් රථයකින් ගම්පොළ සිට අය කරන මුදල වන රුපියල් 278ක මුදලක් අය කර තිබේ. එහෙත් සාමාන්‍ය බස් රථයක ගාස්තුව වන්නේ රුපියල් 278ක මුදලක් වශයෙන් අය කර තිබුනි.

එමනිසා මෙම බස් රථය විසින් බරපතල වැරැද්දක් සිදු කර තිබෙන බවත්, එමනිසා එම බස් රථයේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධව තින්දුවක් ගැනීමට පෙර මෙම සිද්ධිය සම්බන්ධව පුර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දි තිබේ. එමෙන්ම එවැනි බස් රථයකට තාවකාලිකව හෝ අර්ධ සුඛෝපභෝගි බලපත්‍රයක් දි ඇත්නම් ඊට වගකිව යුතු නිලධාරින් ගැන ද අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දි ඇත.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවසන් කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත. එහෙත් දැනට එම බස් රථ 400ත් පමණ සේවයෙහි යොදවා ඇති බැවින් එම බස් රථ මගී ප්‍රවාහණය සඳහා යෙදවා ඇති පාර්ශ්වවල ඉල්ලිම් කෙරෙහිත් සවන් දිය යුතුය. එබැවින් අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවසන් කරන්නේ නම් ඒ වෙනුවට ඔවුන්ට ලබා දිය යුතු විකල්පය සම්බන්ධයෙන් එම පාර්ශ්ව සමග සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දි තිබුනි.

ඉහත සඳහන් කළ බස් රථය අඩු තරමින් අර්ධ සුඛෝපභෝගි බස් රථයක් විසින් මගී ප්‍රවාහනයේදි ලබා දිය යුතු පහසුකම් සම්බන්ධවවත් අවධානය යොමු කර නොමැති අතර, හිතුමනාපෙට මහජනතාවගෙන් මුදල් ගසා කා ඇති බව පෙනී යයි.

එමනිසා එම සිද්ධිය සම්බන්ධව සම්පුර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *