ශ්‍රී ලංකන් හිටපු CEO සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳවන ප්‍රියංකා විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකර තිබේ.

ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර්බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *