එච්.ඩි.ඊ ගුණසේකරගේ “රූපවාහිනි ප්‍රවෘත්ති න්‍යාය හා ව්‍යවහාරය කෘතිය” එළි දකී

(කොළඹ, ලංකාපුවත්) – කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළීබද දර්ශනපති උපාධිධාරියෙකු වන එච්.ඩි.ඊ ගුණසේකර විසින් රචිත,“රූපවාහිනි ප්‍රවෘත්තින්‍යාය හා ව්‍යවහාරය කෘතිය” එළි දකී.

එම කෘතිය රූපවාහිනි ප්‍රවෘත්තිකරණය පිළිබද පුළුල් විග්‍රහයකි.ජනසන්නිවේදනය පිළිබද විශේෂවේදී උපාධිය වෙනුවෙන් ඔහු සිදුකළ ශාස්ත්‍රීය පර්යේෂණය ඇසුරින් මෙම කෘතිය රචනා කර තිබේ.

කතුවරයා සිව්වසරක කාලයක් සියත රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති නිශ්පාදකවරයෙක් ලෙසත්,නිවේදකයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙසද කටයුතු කර ඇත.

වර්තමානයේදී ඔහු ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය නිලධාරි ලෙසද කටයුතු කරමින් සිටියි.රූපවාහිනි ප්‍රවෘත්ති න්‍යාය හා ව්‍යවහාරය කෘතිය සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්)සමාගමේ ප්‍රකාශනයකි.

සම්බන්ධීකරණය- එච්.ඩි.ඊ ගුණසේකර-0777 918 213

Leave a Reply

Your email address will not be published. Required fields are marked *