සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානයක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (05) දිවුරුම් දීම සිදු විය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත්කරන ලෙස, එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *