කොරෝනා මරණ ගණන තවත් ඉහලට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් ඇති බවය.

එමෙන්ම ඊයේ (04) දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පමණක් මරණ 65 ක් වාර්තාවී ඇත.

මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට තවදුරටත් අවස්ථාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොරාස් අදිනාම් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *