යාල වනෝද්‍යානයට ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර් ජාලයෙන්

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමේදී විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අද (05) දිනයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන අතර , දෙස් විදෙස් සංචාරකයින් යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ දී සිදු වන අධික තදබදය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන ඇත.

දෙස් විදෙස් සංචාරකයින් යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ දී සිදු වන අධික තදබදය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේය.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය. යාල ජාතික වනෝද්‍යානය සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූයේ ප්‍රධාන දොරටු ආශ්‍රිතව ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයයි.

ලබාගත් විද්‍යුත් බලපත්‍රය අදාළ ජාතික උද්‍යානයේ පිවිසුම් දොරටුවේ දී එහි වලංගුතාවය පරීක්ෂා කිරීමේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් භාවිතා කරන බවත් , ඉන්පසුව අදාළ බලපත්‍රලාභියාට උද්‍යානය තුළට ඇතුළු විය හැකි බවත් සූර්යබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය. එවැනි අවස්ථාවක එකවර සංචාරකයින් විශාල පිරිසක් පැමිණීමේ දී ගැටලු රැසක් පැනනැගිණ. විශාල පිරිසක් එකවර වනෝද්‍යානයට ඇතුළු වීමෙන් වන සතුන් දැක බලා ගැනීමේ අවස්ථාව ද සංචාරකයින්ට අහිමි වෙයි. එවැනි අවස්ථාවල සතුන් සැගවී සිටීම ඊට හේතුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *