යුද හමුදාවේ 244කට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) –72 වන නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදා සාමාජිකයින් 244 දෙනෙකුට උසස්වීම් ලබාදෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මෙම උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව, බ්‍රිගේඩියර්වරුන් 17 දෙනෙකු මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 45 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර්වරු 49 දෙනෙකු ලුතිනන් කර්නල් ධුරයටත් උසස් කර තිබේ.

මීට අමතරව කපිතාන්වරු 42 දෙනෙකු මේජර් නිලයටත්, ලුතිනන්වරු 80 දෙනෙකු කපිතාන් ධුරයටත් උසස් කර ඇති බව සඳහන්වේ.

දෙවන ලුතිනන් නිලයේ කටයුතු කරන 11 දෙනෙකු ලුතිනන් නිලයටත් උසස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *