වෙරළාරක්‍ෂක මුහුදු පිහිනුම් තරගාවලියට අයදුම්පත් බාර ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දෙවැනි වරට සංවිධාන කරන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සදහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 10වනදා දක්වා සිදු කෙරෙන බව තරග සංවිධායක ලුතිතන් කමාන්ඩර් ලංකා අබේසේකර මහතා පැවසීය.

කාන්තා – පිරිමි ලෙස පැවැත්වෙන් මෙම තරගාවලිය පෙබරවාරි මස 15වනදා බලපිටිය වැල්ලබඩ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක පුහුණු පාසල ඉදිරිපිට වෙරළ තීරයේ දී පැවැත්වේ.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය යටතේ මෙම තරගාවලිය සංවිධාන කෙරේ.

මෙයට සහභාගී විය හැක්කේ වයස අවුරුදු 12ට වැඩි කාන්තා හා පිරිමි තරගකරුවන්ට පමණි. තරගාවලියේ විවෘත පිරිමි හා කාන්තා, දක්‍ෂතම තරුණ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වයස්ගතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, හොඳම පාසල් බාලක හා බාලිකා කණ්ඩායම, හොඳම පිරිමි හා කාන්තා කණ්ඩායම, හොඳම ත්‍රිවිධ හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම යන සම්මාන දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගයට ඉදිරිපත්වන් අයදුම්පත් – ස්ථානභාර නිලධාරී ලංකා අබේසේකර මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක පුහුණු පාසල, වැල්ලබඩ, බලපිටිය යන ලිපිනයට යොමු කළ යුතුය. එසේම වැඩිවිස්තර තරග සංවිධායක ලංකා අබේසේකර මහතා (077-2996980) අමතා ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *