ග‍්‍රාම නිලධාරි සහතිකයට ප‍්‍රාදේශීය ලේකම් අනු අත්සන ලබා ගැනිම නතර කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ග‍්‍රාම නිලධාරි සහතිකයට ප‍්‍රාදේශීය ලේකම් අනු අත්සන ලබා ගැනීම නතර කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමයි අරමුණ. තීරණය ලබන සඳුදා (10) සිට කි‍්‍රයාත්මක බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක මහතා සදහන් කළේය.

දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගේ සමුළුව පසුගියදා පැවැත්වුණි. එහිදී අදාළ තිරණයට එළඹි බව අතිරේක ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 7 =