බස් රථ දෙකක් එකට ගැටෙයි – අයෙක් මරුට – 26කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – රිය අනතුරකින් එක් අයෙකු මියගොස් විසිහය දෙනෙකුට තුවාල සිදුවිය.

අද(06) උදෑසන ත්‍රිකුණාමලය කන්තලේ මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේදී අනතුර සිදු විය. කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝපභෝගී බස් රථයක් ශ්‍රී ලංගම බස් රථයක ගැටී තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථ දෙකේම මගීන් සිටි. අනතුරෙන් මියගියේ සුඛෝපභෝගී බස් රථයේ කොන්දොස්තරවරයාය.

අධික වේගය මෙම අනතුරට හේතු වන්නට ඇති බවට විශ්වාස කරයි. තඹලගමුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *