හොලිවුඩයේ ඔස්කාර් දිනූ කර්ක් ඩග්ලස් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – දශක හයක් පුරා හොලිවුඩ් සිනමාවේ අනර්ඝ නළුවකු වූ කර්ක් ඩග්ලස් ඊයේ(05) මිය ගොස් ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 103කි.

වේදිකාව මෙන්ම සිනමා නළුවකු වන මොහු 1960 වසරේ සම්භාව්‍ය ඇතුළු විවිධ චරිත ඔස්සේ ප්‍රසිද්ධියක් ඉසිලීය.විශේෂයෙන්ම 1960 වසරේ ‘ස්පාටකස්‘ චිත්‍රපටය හරහා ලොව රසික හදවත් දිනා ගැනීමට සමත් විය.

1916 දී නිව් යෝර්ක් හි උපත ලැබූ කර්ක් ඩග්ලස් හොලිවුඩයේ “ස්වර්ණමය යුගය” තුළ ප්‍රසිද්ධියට පත්වූ අතර 1949 ‘චැම්පියන්‘ නැමැති බොක්සිං ශූරයෙකු වටා ගෙතුණු චිත්‍රපටය වෙනුවෙන් පළමු වරට ඔස්කාර් සම්මානය හිමි කර ගත්තේය.

1940 සිට 2000 දක්වා දශක හයකට වැඩි කාලයක් කර්ක්, හොලිවුඩ් සිනමා නිර්මාණ 90කට වඩා රංගනයෙන් දායක වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *