අගමැති මහින්ද ඉන්දියා යයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සදහා අද(07) ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය.

මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සහභාගිවන ප්‍රථම විදෙස් නිල සංචාරය ද මෙයවේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙන්ම එරට ජනාධිපති, විදේශ ඇමති ඇතුළු ඉහළපෙළේ නියෝජිතයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

දෙරට අතර සබදතා ශක්තිමත් කර ගැනීමට ද අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =