කටහඬ පරීක්ෂණයට රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් මන්ත්‍රිවරයා අද(07) පෙරවරු 10.30ට පමණ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපටවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මන්ත්‍රිවරයා කටහඬ පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

සිද්ධියට අදාළව පසුගිය මස 14 වනදා අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 16 =