ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාව නැවත පත් කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද(07) රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා එය ස්ථිර කළේය.

මහජන වියදම් සදහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම් ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සබාව විසින් සුදුසු යැයි සලකනු ලැබිය හැකි පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන වෙනත් යම් ගිණුම් ද විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරික්‍ෂා කරනු ලැබීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *