ඇෆ්ගනිස්ථාන මුදල් ඇමති ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථාන මුදල් අමාත්‍ය මොහොමඩ් හුමායොන් ක්වයිනි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ඇෆ්ගනිස්ථාන මුදල් අමාත්‍යවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරකය නිරතව සිටි. ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයා ද වන ඇෆ්ගනිස්ථාන මුදල් අමාත්‍ය හුමායොන් ක්වයිනි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණේ ජනාධිපති නිල නිවසේදීය.

දෙරට අතර ද්වී පාර්ශ්වික සබදතා වර්ධනය සහ කලාපීය සබදතා පිළිබද මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදරි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =