පුරාවස්තු සොයා කැණීම්කළ 10ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කලගෙඩිහේන, වීරගුල ප්‍රදේශයේදී ඊයේ(09) දහවල් සිදු කළ වැටලීමක දී මෙම පිරිස අදාළ කැණීම් සිදු කළ උපකරණ ද සමඟ වීරගුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 34, 36, 42, 43, 50, 52 හා 57 වයස්වල පසුවන වීරගුල, කොළඹ, මංගලතිරිය, මීරිගම, කලගෙඩිහේන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

ඔවුන් අද(10) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *