මෙරට නිෂ්පාදිත ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාව නාවික හමුදාපතිගේ නිරීක්‍ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද (10) සිදු කරන ලද අතර, එම අවස්ථාවේ යාත්‍රාවේ සිදු කරනු ලැබූ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා සහභාගී විය.

දේශීය නිෂ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දිග මීටර 17.91ක් සහ පළල 6.91 වන අතර පැයට මුහුදු සැතපුම් 35ක වේගයෙන් යාත්‍රා කිරීමේ හැකියාවක් මෙම යාත්‍රාව සතුව පවතී. එසේම ගිණි නිවීම සඳහා අති නවීන තාක්‍ෂණයෙන් යුත් අධි පීඩන වතුර විදිනයන් ‍දෙකක්ද (02) මෙම යාත්‍රවේ ස්ථාපිත කර ඇති අතර, තවත් නවීන අංග උපාංගයන් රැසකින් මෙම යාත්‍රාව සමන්විත වේ.

මෙවැනි යාත්‍රා නිෂ්පාදනය කර විදේශ රටවල් සඳහා අලෙවි කිරීමෙන් ඉතා ඉහළ ආර්ථික වාසි මෙරටට ලබා ගැනීමේ හැකියාවක් පවතින බැවින් මෙම යාත්‍රාව නිෂ්පාදනය සම්බන්ධයෙන් පැමිණ සිටි සියඵ දෙනාම යාත්‍රාව නිෂ්පාදනය කරන ලද කාර්ය මණ්ඩලය වෙත සිය සුභාශිංශණ පල කර සිටින ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *