අන්තර් ජාලය හරහා ළමා අපචාර කළ 21 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අන්තර් ජාලය හරහා ළමා අපචාර සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කළ විමර්ශනයකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 හැවිරිදි සැකකරු පරිඝණක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නියුතු අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

අදාළ සැකකරු වසර තුනකට අධික කාලයක සිට අන්තර් ජාලය හරහා කොළඹ හා අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රවටා, ඔවුන් බියට පත් කර තර්ජනය කර, නිරුවත් ඡායාරූප සහ විඩියෝ දර්ශන ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු ඒ සඳහා වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්,ෆේස්බුක් සහ ස්නැප්චැට් යන ගිණුම් හරහා ළමුන් සම්බන්ධ කර ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

එසේම මෙම අපරාධකරුවන් හට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඊට සම්බන්ධ වූ අනෙක් පාර්ශවයන් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදුවන බැවින් මෙම ගිණුම් භාවිතා කරනු ලබන ළමුන් හා සමාජයේ සියළු ජන කොටස් මෙවැනි ගිණුම් හරහා සිදු කරනු ලබන අපරාධ ක්‍රියා සදහා ප්‍රතිචාර නොදක්වන ලෙස පොලිසිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම තම ජාතික හැඳුනුම්පත් භාවිත කර වෙනත් පුද්ගලයින්ට දුරකථන සිම්පත් ලබා දීම, තමාගේ සමාජ ජල ගිණුම්වල මුරපද පිටස්තරයින්ට ලබාදීම සිදුනොකළ යුතු බවද පොලිසිය දැනුම් දෙයි.

දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දෙමව්පියන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවිය යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *