රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

මීට පෙර එම වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබුණි.

වයසින් ඊට වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම සලකා වයස් සීමාව වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *