ගෙවුණු පැය විසි හතරේදී කොරෝනා මරණ 103ක්

(කොළඹ, ලංකාපුවත්) – චීනය පුරා මහත් ව්‍යාසයනක් ඇතිකරමින් ව්‍යාප්තවන නව කොරොනා වෛරස ආසාදනයෙන් මියගිය පිරිස දහස ඉක්මවාගොස් තිබේ.

ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය, ඉතිහාසයට එක්වන්නේ වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමග එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසයි.

මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 200ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි.

මේ අනුව කොරෝනා ආසදනය හේතුවෙන් චීනයේ පමණක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1 011ක් වන අතර නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් සිදුවූ මරණ ගණන අද වනවිට 1 013 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව මරණ 103ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.

එය වෛරසය නිසා දිනක් තුළ වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවද වේ. ලොව පුරා අද වන විට වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 42,200 ඉක්මවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *