ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේ අවසන් දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ සිව්වන සහ අවසන් දිනය අදයි.

අග්‍රාමාත්‍යවරයා අද(11) පෙරවරුවේ තිරුපති හි සංචාරය කිරිමට නියමිත අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස යළි දිවයිනට පැමිණිමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය වූ මෙම ඉන්දීය සංචාරය තුළදී දෙරටට වැඳගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරිමට හැකියාව ලැබී තිබේ.

පසුගිය 07 වනදා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය ආරම්භ වූ අතර සංචාරය තුළදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ජනාධිපති රාම්නාත් කෝවින්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියන් ජයිසන්කර් යන මහත්වරුන් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍ය මන්මෝහන් ෂිං මහතා ඇතුළු එරට ඉහල පෙලේ නිලධාරින් රැසක් මුණගැසී සාකච්ඡා කළේය.

දේශපාලන, වෙළඳ, සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහෙදි දේපාර්ශවයේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම දෙරටේ ධීවර ප්‍රජාව අතර නිරන්තරයෙන් පවතින ගැටළුකාරි තත්ත්වය පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනානත්යක් ලෙස ප්‍රවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගැනිමේ අවශ්‍යතාව ද මෙම සාකච්ඡාවලදී දෙපාර්ශවයේ අවධානයට යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාව, මහාබෝධි විහාරය ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක් වැඳ පුදා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *