සියලු ඉඩම් ඒකක මිනුම් කර අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – සියලු ඉඩම් ඒකක මිනුම් කර අවසන් කරන ලෙස,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ ජනාධිපති කාර්යාලයේ ඊයේ (10) පැවති සාකච්ජාවක දී. මෙරට හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගතවූ විසිවසරක කාලයේ දී ඉන් 10%ක ප්‍රමාණයක් මිනුම් කර තිබේ. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය. ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරාලීමට පියවර ගන්නා ලෙස ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

නිසි මිනුම්කරණයෙන් පසු සියලු ඉඩම් ඒකක සඳහා හිමිකම් සහතිකපත්‍ර ලබාදීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී දැනුම් දුන්නේය. හවුල්, ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කෙරේ. නවීන මැහුම් උපකරණ,ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කර ගන්නා ලෙස මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

සියලු මිනුම් එකම දත්ත පද්ධතියක් යටතට ගෙන ඕනෑම අයෙකුට තොරතුරු ලබාගත හැකි පරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වය සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *