HNB FINANCE ජාඇල හා මීගමුව ශාඛාවන් අලූත් තැනකට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය ජාඇල සහ මීගමුව ශාඛාවන් වඩාත් ඉඩකඩ සහිත නව සේවා පරිශ‍්‍රයන් වෙත පසුගියදා ගෙන යන ලදි. මේ අනුව HNB FINANCE හි ජාඇල ශාඛාව අංක 59/A මීගමුව පාර, ජාඇල යන ලිපිනයෙහී ද මීගමුව ශාඛාව අංක 58, ශාන්ත ජෝසප් වීදිය මීගමුව යන ලිපිනයෙහිද පිහිටුවා ඇත.

අභිනව HNB FINANCE මීගමුව සහ ජාඇල ශාඛාවන් සහ රන් සේවා ඒකකයන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. මෙම අවස්ථාවට HNB FINANCE හි නිලධාරීන් ඇතුළුව විශාල පිරිසක් එක් වූහ.

ශාඛාවන්හි සමාරම්භයට සමගාමීව ප‍්‍රදේශයේ ජනතාව දැනුම්වත් කිරීමේ අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් වූ අතර එහිදී රන් ණය , අධ්‍යාපන ණය, ලීසිං, ව්‍යාපාර ණය සහ ඉතුරුම් සේවා පිළිබඳව අවබෝධයක් ලබා දීමටද ක‍්‍රියා කරන ලදි.

ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මෙම අවස්ථාවට සහභාගී වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා අදහස් දක්වමින් ‘‘දශක දෙකකට ආසන්න කාලයක් පුරා ශ‍්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය සේවා අවශ්‍යතා ප‍්‍රශස්ත ලෙසත් කඩිනම් ලෙසටත් සපුරාලීමේ HNB FINANCE පොරොන්දුව තවදුරටත් ශක්තිමත් කරමින් ජාඇල සහ මීගමුව ශාඛාවන් වඩාත් පුළුල් පරිශ‍්‍රයන් වෙත ගෙන යෑමට හැකිවීම පිළිබඳව සතුටට පත්වෙනවා. ඉහළ වාර්ගික හා සමාජීය විවිධත්වයක් සහිත මෙම ප‍්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ එකිනෙකට වෙනස් වූ මූල්‍ය අවශ්‍යතා ප‍්‍රශස්ත ලෙස ඉටුකරලීමට නිසැක වශයෙන්ම අපට හැකි වන අතරම නුදුරේදීම ඩිජිටල් තාක්ෂණය මත සවිබල ගැන්වෙන අපගේ මූල්‍ය සේවාවන් තුළින් ඉහළ ප‍්‍රතිලාභ අත් කර ගැනීමට මෙම ප‍්‍රදේශයේ වෙසෙන සියලූ දෙනාට අපි ආරාධනා කර සිටිනවා. එමෙන්ම අලූතින් ඇරඹූ රන් ණය සේවාව සහ අනෙකුත් මූල්‍ය සේවාවන් සමගින් සියළුම මූල්‍ය සේවාවන් එක වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාවත් අප ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදීමට අපට හැකිව තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE Limited ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු නිෂ්පාදන යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ණය ලබා දීම ද සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *