ඩිපෝ 95 ක ආදායම වාර්තාගත ලෙස ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඩිපෝ 95 ක ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ මසකට රුපියල් ලක්ෂ 45 බැඟින්ය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය සොයා බැලූ අවස්ථාවේ මේ බව හෙළිවිය.

රියදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට ලංකා ගමනාගමන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ සිදුකළ සංචාරයට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ලංගම සභාපති නීතීඥ කිංස්ලි රණවක යන මහත්වරුන් ද එක්විය.

ඩිපෝ 107 කින් 12 ක් හැර ඉතිරි 95 ම පසුගිය මාසය තුළ දිනකට රුපියල් ලක්ෂ එකහමාර බැඟින් ආදායම් උපයා තිබේ. පාඩු ලබන ඩිපෝ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට පියවර රැසක් යෝජනා කර ඇති බව මෙහිදී හෙළිවිය.

අලුත් බස් රථ 500 ක් මිලදී ගැනීම සහ පහත් පතුල් සහිත බස් රථ දෙදහසක් බස් ඇනියට එක් කිරීමට ද නියමිතය. දැනට ලංගම සතුව ඇති බස් රථ සංඛ්‍යාව 7000 කි. ඉන් 5700 ක් ධාවනයට සුදුසුම මට්ටමේ පවති. දෛනිකව බස් රථ 700 ක් පමණ ධාවනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *