මාතර-හම්බන්තොට අධිවේගය 23වනදා විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරේ.

මෙම දිගුව මඟින් රටේ ප්‍රධාන වරායන් හා ගුවන් තොටුපළවල් දෙක සම්බන්ධ කර භාණ්ඩ පහසුවෙන් හුවමාරු කිරීමට හැකි අතර මගීන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ද ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *