UPDATE: උදයංග වීරතුංග CID අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව වීරතුංග මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

ඔහුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රශ්න කරයි

(කොළඹ, ලංකාපුවත්) –රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අද(14) අළුයම කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඔහු දිවයිනට පැමිණ ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙ ඇතැයි සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *