ජයලලිතාගේ ජීවිත කතාව ‘තලවී’ ජුනි 26වනදා ප්‍රදර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත දකුණු ඉන්දියාවේ හිටපු මහා ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කළ ‘තලවී’ චිත්‍රපටය ලබන ජුනි 26 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මෙහි ප්‍රධාන චරිතය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවත් විසින් නිරූපණය කරන අතර‘ජයලලිතා’ගේ සැමිය වන MGRගේ චරිත දකුණු ඉන්දීය සිනමා නළු අර්වින්ද් ස්වාමි නිරූපණය කරනු ලබයි.

ජනප්‍රිය නළු විජේ දෙවර්කොන්ඩා හා ප්‍රියාමනි සෙසු චරිත සඳහා දායකත්වය ලබාදී තිබේ.

මෙම චිත්‍රපටය දමිල භාෂාවෙන් පමණක් නොව හින්දි, තෙලිඟු ඇතුළු තවත් භාෂා කිහිපයකින්ද ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සදහන් වේ.

මෙම චරිතය වෙනුවෙන් කංගනා රනවත්, සිය ශරීර බර කිලෝග්‍රෑම් 10කින් වැඩි කර ගෙන ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ‘තලවී’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ විජේ පවසා ඇත්තේ, කංගනා මෙම චිත්‍රපටය සදහා සිය උපරිම දායකත්වයක් පෙන්නුම් කර ඇති බවයි. එසේම ඇය චිත්‍රපටය වෙනුවෙන් සම්භාව්‍ය නර්තනය පිළිබඳ පුහුණුවක් ද ලබා ගත් බව පවසා සිටියි.

“ජයලලිතා ජයරාම් ඉන්දියානු දේශපාලනය සමඟ ගනුදෙනු කිරීමේ බලවේගයක් බවට පත්ව ඇති බැවින් දේශපාලනයේ දී ඇය ලබා ඇති ජයග්‍රහණවලට තලෙයිවි සිනමා නිර්මාණය හරහා උපහාරයක් වනු ඇති බවයි“ ඔහු සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *