දියතලාව කඳවුරේ රඳවා සිටින 33 දෙනා අද සිය නිවෙස් වෙත

(කොළඹ, ලංකාපුවත්) – COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හමුවේ චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් දියතලාව හමුදා කඳවුරේ රඳවා සිටින 33 දෙනා අද(14) නිවෙස් වෙත යොමුකරන බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ පසුගිය පළමුවනදාය. එදින සිට අද දක්වා දින 14 ක කාලයක් කොරෝනා වෛරසයට අදාළ කිසිඳු ලක්ෂණයක් මෙම පිරිස අතරින් වාර්තාවී නොමැත. ඒ අනුව නිරෝධායනය සාර්ථකව සිදුකෙරුණු බව හමුදාව පවසයි.

එම පිරිස යළි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව බොහෝ දුරට අද දිනයේම ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට හැකිවනු ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *