COVID-19 නිසා මියගිය ගණන 1,486ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රටවල් රැසකට පැතිරිගිය කොවිඩ් නයින්ටීන් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අදවන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

රටවල් 28ක් ගොදුරු කරගත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේවන විට 65000 ඉක්මවා තිබේ.

රෝගය හේතුවෙන් දිවි අහිමිවූ සංඛ්‍යාව 1486කි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී සුවඅතට හැරී ඇති සංඛ්‍යාව 5954 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ අතර වෛරසය ව්‍යාප්තියේ සහ මරණ අනුපාතයේ සැළකිය යුතු වෙනසක් අදවන විට සිදුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 219 කි. ඒ අතුරින් පළමු මරණය ඊයේ වාර්තාවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *