COVID-19 එරෙහි සටනට තවත් 2,600ක හමුදා වෛද්‍ය කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) –වෛරසයෙන් දැඩි සේ බැට කන වුහාන් වෙත තවත් 2,600ක හමුදා වෛද්‍ය කණ්ඩායමක් කඩිනමින් යොමු කර තිබේ. ඒ අනුව මේ වන විට හමුදා සෞඛ්‍ය විශේෂඥයන් 4,000ක් වුහාන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

මීට යුද , නාවික හා ගුවන් හමුදා, රොකට් හමුදාව, උපාය මාර්ග සහය හමුදාව, ඒකාබද්ධ ලොජිස්ටික් ආධාරක බලකාය සහ මහජන චීන යුද හමුදා පොලිසියේ සාමාජිකයින් අයත් වේ. ඔවුන් විසින් හොෂෙන්ෂාන් රෝහලේ නේවාසික වෛරසය ආසාදිත වූ රෝගීන් බවට තහවුරු වූවන්ට ප්‍රතිකාර කෙරෙන අතර ඊට අනුබද්ධ ටයිකැන්ග් ටොංජි හා ළමා සෞඛ්‍ය සේවා රෝහල වෙත කොටසක් යොමු කර තිබේ.

මේ රෝහල් දෙක රෝගීන් 860 සහ 700 දෙනකු සඳහා පහසුකම් සපයා ඇති අතර සායනික වාට්ට්, ආසාදන පාලනය සඳහා ඒකක, රෝගීන් පරීක්ෂාවය, විශේෂ හඳුනා ගැනීම ඇතුළු සේවා රැසකින් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *