කෝටියකට අධික රන්බිස්කට් රැගෙන ආ ලාංකිකයෙකේ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධීව රුපියල් එක් කෝටි විසි නව ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (17) පෙරවරු 7.30 ට පමණ මාළිගාවත්තේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන ආකාරයට ඔහුගේ පාවහන් තුළ සඟවා තිබියදී මෙම කිලෝ 1 යි ග්‍රෑම් 400 ක් බරැති රන් බිස්කට් 12 ක් සොයාගෙන තිබේ.

අනතුරුව රේගු විමර්ශනයෙන් පසු මොහුට රුපියල් ලක්ෂ 13 ක දඩයක් පණවා ඇති අතර රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 1 =