අහුංගල්ලේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) –අහුංගල්ල පොලිස් වසමේ බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේ දී අද(17) උදෑසන 06.50ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි සදහන් වේ.

වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 36 ක් වු අයෙකුටය. ඔහු බරපතළ තුවාල ලබා මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *