පාලි භාෂා ප්‍රවර්ධන විභාගය 22 වනදා

(කොළඹ, ලංකාපුවත්) – දහම් පාසල් ගුරුවරුන් සඳහා පැවැත්වෙන පාලි භාෂා ප්‍රවර්ධන විභාගය පෙබරවාරි මස 22 වන දින පෙරවරු 09.00 සිට 12 .00 දක්වා විභාග මධ්‍යස්ථාන 15ක දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ‍බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

මේ සඳහා අපේෂකයින් 1500ක් පමණ සහභාගීවීමට නියමිත අතර මේ වන විට අපේකෂකයින් සියලු දෙනා වෙත විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර අවසන් බවද ඒ මහතා සදහන් කළේය.

‍බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් දහම් පාසල් ගුරුවරුන්ගේ පාලි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ මධ්‍යස්ථාන 15කදී වසරක් පුරා පාලි භාෂා දැනුම ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා ඇත. මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ‍බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අනුයුක්ත කර ඇති නිලධාරීන් විසින් සම්බන්ධීකරණය සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *